Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මංගල යහන හීනෙන් දුටු පින පමණ
ඒ මල් යහනෙ සැතපුණ පිරුවට ගණින
සුදු රෙදි කඩක අමුණාලා නුඹෙ සුසුම
රිටි ගහ ඔයට විසි කෙරුව ද ගිය දවස

කච්චි පිටින් රෙදි සේදූ පින් කඳට
අඳිනුව එක ම ඇඳුමක් හිමි වුණි කොහොම
දුක පොදි ගසා හිනැහෙන කොට නුඹ තුටින
රිටි ගහ ඔයට විසි කෙරුව ද ඇස කඳුළ

ගෙන් ගෙට ගොසින් උඩු කොට වියන් බැන්දාට
පා වඩ එළා කවුරුත් පිළිගත්තා ද
පෑළ දොරින් දොරකඩ වෙත කැන්දාන
අත තැබුයේ අනුන්ගෙ පව් පොදි නේද

කිරි කළ හතක් නාවාලා ගෙට ගත්ත
මල්වර කුසුම් පෙති හැඩ කළ සමනළිය
පාට අරුංගල් පමණක් හිමි වුණි ද
ඒසඳ නුඹේ කණ් පෙති නොපිපුණෙ මන්ද

ගෙවුණ වසන්තයෙ රොන් ගත් බඹරින්දු
කුල මල කියා මල් කෙමි අග විද රැන්දු
නොගැයුණ කලට නැවතත් ඒ ගී සින්දු
හීන වලට තනි යහනේ මන බැන්දු

කෙට්ටු අතින් මිට මොලවා දුක් ගින්න
රිටි ගහ ඔයේ දිය කිඳුරිය නුඹ නේද
අනුන්ගේ කිලුටු පව් සේදූ පිනට
මතු අත් බවේ ඉපදීයන් රජ ගෙදර

අනූපමා ගනේගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails