Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තෙතක් නැති කොළඹට
කළුවර පිරෙන රෑ කල
හිස්ම හිස් මගෙ සිත
සියවසක් ඉපැරැණි
බිතු සිතුවමක් මෙන්
නිසල වේ...

අළුවන් වළාකුළු
උරිහෙන් තල්ලු කරගෙන
බටහිර සුළං රැළි
වැඩ ඇරුණු තාත්තෙකු මෙන්
වැනි වැනී ගෙට එයි...

ඒ වන් නිහඬ රෑ කල
කළබල අකුරු පැළවුණ
ඔබේ දිගු ලියුමන්
හෙමිහිට ඇද වැටෙන
සිනිඳු වැස්සක් වී
යාළුවේ...
මගේ හිත පුරා වැතිරේ....

“.....එකෝම එකමත් කාලෙක
උඹෙ කවි සිත
රැළි පිට රැළි සරැළි නඟන
ගලා ගලා ගලා බසින
ගඟක් වුණි....

ඇයි පිය මිත
ඒ කවි සිත
දිගු මුනිවත
විද පිරිපත...”


සූ විසි වැදෑරුම්
වියරණ විධින් මඟ හැර
නුඹ ලියූ අත’කුරු
රෑ මැද නැගිට කියවමි....

හිස්ම හිස මගෙ සිත
සියවසක් ඉපැරැණි
බිතු සිතුවමක් මෙන්
නිසල වේ....

දුක සැප දෙකෙහි පැවැතී
මා පිය මිතුරු සඳුනී
වියවුල් සිතින් නොනිදා
මේ රෑ නුඹට ලියමි...

හිතක් පපුවක් නැති
ගිනිගත් බොරැල්ලේ
නගරය පලා නැඟගත්
අරලියා ගසක් යට
යළි ගොඩ නොගනු රිසියෙන්
මගෙ දුප්පත් කවි සිත
සිව් වසරකට එපිටින්
සිත් කළකිරුණු දවසක
මා’තින්ම වැළලීමි....

ඉඳහිට යනෙ’න බසයක
තදබදව පිපිරෙන
රළු නිසරු වචන මඟහැර
ඒ අරලියා ගස යට
පරමල් වැටී හැඩි වුණ
සියක් පා වලින් පෑගුණ
මගේ කවි සිත් සොහොන
පෑරුණු සිතින් නරඹමි....

අගනුවර වීදි අතරේ
ගිනිගත් සුසුම් ඇවිදින
බොහෝ සාගිනි සෘතුවල
ඒ අරලියා ගස් මත
මල් වී පිපෙන්නේ
වැළලූ මගේ කවි සිත
වගුරන දිළිඳු කවි බව
මිතුරේ නුඹට විතරක්
රහසින් ලියා දන්වමි.....

1996 ජූනි - ‘හිරු’ සඟරාව

රෝහිත භාෂණ අබේවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails