Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සුළැගිල්ල කෙළවර
නොමැකි තියේ ඒ කහට ලපය තවම
මනාපය සදහන් කළ දින ගෑවුන
අමනාපයේ සළකුණ

නිවාඩු ලැබිණ සරසවියටද
නොදුරේම එන ඡන්දෙට

කන්තොරුවක ෆයිල් ලිපි අදින
මේස පුටු පිහදාන අතර
ලොකු ලොක්කන්ගේ මුවින් ගිලිහෙන වචන ඇහිඳ
ගෙදර ගෙනවිත් දිග හරින
තාත්තෙගෙ දේශපාලනය

පරම්පරාවෙන්ම උරුම
කැපුවත් වෙනස් නොවෙතැයි කියන
අම්ම නම් හැමදාම අර පැත්තෙමයි
''අන්තිම කාලෙ අපි වෙනස් වෙනවද එහෙම ''

පාලම් බෝක්කු උඩ හිඳ
බෝඹු කෝටුවෙන් දත් මැද්ද
මිතුරත් ගොසින් කැන්වසින්...

වන්දි බට්ටයින්ගේ කරච්චලය ඇසෙන
රූපවාහිනී තිරය විනිවිදිමි

ඒ මගේ පළමු ඡන්දය ය

ඇස් වසා අස්වසා ගමිද සිත
දෙපැත්තෙම නිරුවත එක පැහැර පෙනෙන සඳ

අමරසේකර ලියු සරසව් සිසුවා මමද
'ආපසු ගමන' ක් යන ගැමි පාසලට
ඡන්ද මධ්‍යස්ථානය වෙලා සිටින
ඈ ළගට යන විටත් බැරි වුණිය
විසදන්න උභතෝකෝටිකය

පළමු ඡන්දෙදිම
අසරණ ඡන්දදායකයෙක් කලේ කවුද මම

සටහන් කළා මනාපයේ ළකුණ
පත්‍රිකාව පුරාවට ලොකුවට
සිතේ ඇති වු අමනාපයට

සුළැගිල්ල කෙළවර
නොමැකි තියේ ඒ කහට ලපය තවම
මනාපය සදහන් කළ දින ගෑවුන
අමනාපයේ සළකුණ.

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails