Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔමරි මුදු සංකර සිනා වපුරන
තොදොල් බස් මිහිරිව අමුණන
නිළියනි නිරූපිකාවනි
වසඟකාරීය තොපේ උවනත් පෙල

ගිජු නෙතින් කාසි රුපියල් ගණින
රෙදි මනින බඩු කිරන මස් කපන
වෙළෙන්දනි තොප මුහුණු
මිනිස් මුහුණක්මද සැක සිතේ මට

කිසිදු තෙතමනයක් නොපෙනෙන
බලය බලහත්කාරයම තදින් වපුරන
බලවතුනි තොප මුහුණු
ඝන තහඩු සේ දිසේ මට

සුතනඹුන් දරු සෙනේ කද සුරකින
සා පවස සුදහ ගිනි දුක් නිමවන
මුහුණක් වෙතේ ඔය මුහුණු යට සැගවී මුවා උන
පාදා ගතහැකිය විනිවිදිව් කල පිට කබොල

ඉඩක් ලද ඇසිල්ලේ අඳුරු අහුමුල්ලක
පිළිකන්නක කොහේ කොතැනකදීවුව
පැළදගෙන හැඩ බලන
ඒ පොදු මූණ සුරකිනු පිණිස කොහොමහරි
පැණිද ගෙන නොවෙද ඔය වෙස් මූණු පෙල

මහා කරුණාවෙන් ඉවසා වදාරමි
ඔය වෙස් නැටුම් මම- නිර්භයව

සුසන්ත මූණමල්පේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails