Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පෙට්ට‍්‍රල් වල ජලය ටිකක් ඇති හන්දා
තැන් තැන් වල මහ පාරේ සැප වින්දා
ගස් බෝම්බ මේ කාලේ නැති හන්දා
"යුනික්" වෙලා රථයට තල්ලුද මන්දා

නොරොච්චොලේ බල ශක්තිය හොරු බින්දා
හොරෙන් හොරෙන් කළුවර ගෙදරට කැන්දා
ඇමති සාදු දෙසනා බණ රස හන්දා
කළුවරේම නිර්වාණය අපි වින්දා

චැනල් හතර ඉද හිට සැප දෙන හන්දා
කුමන්ත‍්‍රණය ගැන බිල්ලෙක් හද රන්දා
පංචායුධ කුමරුන් සටනට කැන්දා
පුරුදු රොටිය මේ පාරත් රස වින්දා

ඡන්දේ දාන්නට සිදු වී ඇති හන්දා
කාට දෙන්නදැයි හරියට දුක් වින්දා
ජාතිය මගේ ඇඟ පුරාම ඇති හන්දා
කබරගොයත් තලගොයි ලෙස වෙස් බැන්දා

උතුරේ වෙනස දකුණට දැනුනද මන්දා
දහයේ ඉදන් හය දක්වා වැට බැන්දා
කට්ටි අතර කට්ට ගමන් වැඩි හන්දා
ඉල පොත්තට බඩ පොත්තත් පෙම් බැන්දා

විරාජ් ලියනාරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails