Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පෙර වියමන හෙවත් පුවත් සැකෙවින්
2011 පළාත් පාලන මැතිවරණය- කිලිනොච්චි දිස්ත්‍රීක්කය |

උමයාල්පුරම් ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කිරීමට සඳහා එකදු ඡන්ද දායකයකු හෝ පැමිණ නැති බව දිස්ත්‍රීක් මැතිවරණ මහ‍ලේකම් කාර්යාලය පවසනවා. අදාළ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද දායකයන් හාරසියයක් පන්සියයක් අතර පිරිසක් ලියාපදිංචි වී සිටි බව මීට පෙර වාර්තා වුණා. එකී පිරිස් වෙනත් ප්‍රදේශවල යළි පදිංචියට යාම හෝ ඥාති නිවෙස්වල පදිංචිවීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්නට නොපැමිණ ඇතැයි තමා විශ්වාස කරන බව කිලිනොච්චි දිස්ත්‍රීක් ලේකම් රූපවතී කේතීශ්වරන් මහත්මිය කියා සිටිනවා.

නාසයටත් උඩින් දැම්මාම ලෝදිය
දෑතක රුහිරු නොතැවරෙනු ඇද්ද
සනුහ‍රේ වැළළුණු පොදු සුසානය මත
අඟලෙන් අඟලට එබෙන
සුදු ඇන්ද මේ මහත්තරු කවුද

උණ්ඩයෙන් දැවුණු සාගිනි පුරක
ගින්දරක සිසිල තවරනු කොහොම
මරණයේ තුන් පිම්ම නොසැඟවුණු දිනෙක
කතිරයෙන් තොණ්ඩුව තැනුව
සුදු ඇන්ද මේ මහත්තරු කවුද

ජීවිත ඉතිරි අඩ සැකිලිය නටබුන්ය
උදුරා‍ගත් ඉඩම සංචාරකයින්ටය තොපට ය
උන්නා ද මළා ද ඇසීම ද අකැප ය
ලැයිස්තුව බලා නියපොතු විකන
සුදු ඇන්ද මේ මහත්තරු කවුද

පස් යටට එබුණු ඇස් හදවතට දුර වැඩිය
නික්මුණේ හැර දමා ගන්නටය අඩුවැඩිය
සින්නකම අපට වුව සින්න නොකරන සැටිය
අණ්ඩ දමනා මැජික් සද්ද දමමින් විද්ද
සුදු ඇන්ද මේ මහත්තරු කවුද

මිනී කඳු උසට ඇහිරුණු-ලෝහිතය රුහිරු කැටිවුණු
ජීවිතය දෙසට හැකිළුණු-එකම කඳුළක් කොහිද සැඟවුණු

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails