Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අනේ දෙවියනේ මට වුණ වියෝයා
ඇටේ සීනිගම දී නැති වුණෝයා
නාථ දෙවියනේ හනිකට වරෝයා
අඹරන්නට ඇටයක් මට දියෝයා

බැරිනම් විද්‍යාව බලයේ විජ්ජාවෙන්
ආසනික් හොයමු අපි සිහ සොයියාවෙන්
ඕනෑ එකෙක් අප මග හරහට එද්දෙන්
අඹරා ගම්මිරිස් යවනෙමු තුන් කුන්දෙන්

මෙතේ බුදුන් බුදුවන රට දැනගල්ලා
සියලු සතුට නැත මෙත නාථා පල්ලා
වරෙව් ජනයිනේ ගල හයියෙන් අල්ලා
කුඩු සංසාර වෙන්නට ඇට අඹරල්ලා

මොටද විද්‍යාව සිටිනා කල දෙයියෝ
උන්නැහැලගෙ බලෙන් රට අපිටයි ගොයියෝ
පළඳා ඔටුනු රජකුට වී අපි බයියෝ
අතීතයෙන් සැනසෙන අපි වෙමු කයියෝ

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails