
නිමිත්ත- ජාතියට සිනහව ප්රදානය කිරීමට තමන් සමත් වී ඇති බව පවසමින් දන්තාලේප සමාගම් සිදු කරන ප්රචාරක ව්‍යාපාරය.
සඳත් අහසෙ ගැට්ටට වී හති ඇරිය
මලුත් නිදිය පොරවාගෙන පිණි කැටිය
උදෙත් උදේමය මේ නම් සඳුදාය
අපිත් වදිමු දතකට දත විකලාය
උදේ නැතත් කෑමට රොටි පතේයා
දත මැද්දොත් නෑ කුසගිනි සැපේයා
සිනා සිසී දත පෙනෙනා ලෙසේයා
යන විට කාට ආඩම්බර දැනේයා
ඥාති ඥාති ඔරවාගෙන යන කලට
ජාති ජාති සිනා රැගෙන වැඩි පිනට
කාසි කාසි මලු දුන්නත් මදි නුඹට
සාදු සාදු මල් පිපියන් නුඹෙ නමට
ඇට නැති හොද්ද තෝරලා කියන් සකී
මස් නැති කටු වලට දුන් දෙවියන්ගේ නමකී
බෑවත් බලු වුණා මේ නම් උස ගසකී
මෙතුන් පදේ නොතේරුණද සිනහ සෙතී
වෛරස් උණේ ගෙයි දොරකඩ පඳුරු ලලා
ඩෙංගු, මැලේරිය ගැයෙනා ලල්ල ලලා
වකුගඩු දෙකම බට් කරලා මල්ලක ලා
කොම්පැණියේ සිනා පැළඳ ඉන්න බලා
වැදුණත් හිසට හෙණ හිස සත්කඩට පැලී
බලනු ගණන් කර තිස් දෙක තවම ඇතී
ඉතින් කුමට දුක් කරදර තැවුල් පිරී
නොතකා සිනා සෙමු අද නම් හරිම ජොලී
ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න



