Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මගේ අදහස නම් යතෝක්ත සම්මාන උළලෙහි අවකාශය දර්ශන මේදිස් සහෝදරයාට සප්‍රයෝජනවත් කර ගැනීමට තිබූ බවයි. ගොඩගේ සම්මාන උළෙල ගොඩගේ ආයතනය හා රාජ්‍ය තන්ත්‍රය සමග තිබෙන දීර්ඝ කාලීන බැඳීම දර්ශන මේදිස් සහෝදරයා තුළ යථා අවබෝධයක් තිබිය යුතු අතර එකී සම්බන්ධතාව පසුගිය 07 වන දින ආකාස්මිකව පහළ නොවුනි. කෙසේ වෙතත් ඔහු පූර්වව සකස් කරගත් ලියවිල්ල හෝ රාවය පුවත්පත හරහා අපට කියවීමට ලැබේ නම් එය ඉතා අගනේය. කවිය පිළිබඳව මහාචාර්ය, ආචාර්ය දෙපළගේ ලිඛිත ඇගැයුම (Key Note) සියළුම 70 දශකයෙන් පසු කවියන්ගේ කිවිඳියන්ගේ මහා ප්‍රයත්නයන් හෑල්ලු කොට තිබුණු අතර පරාක්‍රම, ලාල්, බුද්ධි, රත්න ශ්‍රී මෙන්ම මකරන්ද , බූන්දිය, කයන්න වියන්න හා ලංකා පුවත්පත ගොඩ නැංවූ කාව්‍ය බිම් වපසරියෙහි ඵල ඔවුහු තම මුග්ධ විචාරක කගපතින් බිම හෙලූහ.

අමරසිරි වික්‍රමරත්නට තම බල්ලා තරම්වත් කවියන්ගේ ප්‍රයත්නය වටහා ගැනීමට නොහැකි විය. සම්මාන උළෙල දෙකක යුක්ති සහගත බව වෙනුවෙන් සටන් වැදි ඔහු ද ඒ නරාවලටම මෙවර ඇද වැටුණි. අවසන් පොත් 5 සම්බන්ධයෙන් ද මට ගැටළු සහගතය. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හා ලක්ෂාන් මධුරංග සොයුරන්ගේ ප්‍රයත්නය සම්බන්ධයෙන් ගෞරවයක් මා තුල ඇති නුමුදු එදින ඒ සම්මාන ද්වය ප්‍රතික්ෂේප කලේ නම් ඔවුහු මහත් සම්මානයට පාත්‍ර වීමට ඉඩ තිබුණි. 2010 වසර තුල කවි පොත් ප්‍රකාශනයට පත් කල සියළුම කවීහු සමාජයට නව ඇසක් නිර්මාණය කලහ. ඔවුන්ට මගේ ප්‍රණාමය! මුග්ධ ආචාර්ය මහාචාර්ය වරුන්ට නව සාමජ සංචලනය කියවා ගැනීමට ඔවුන් අත ඇති විචාරක උපකරණ ප්‍රමාණවත් නොවේ. ආචාර්ය ලියනගේ අමරකීර්ති හෝ සමන් වික්‍රමාරච්චිගෙන් ඔවුන් ඒ පිළිබඳ උගත යුතුය. තවදුරටත් පොළොන්නරු, අනුරාධපුර, යාපහුව ගල්ටැම් උඩට වී බුලත් විට කමින් කල් මැරීම නොකළ යුතුය.

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails