Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුසුම්සිරි අයියා
තාමත් මුර වැඩද ?
පොඩි එකී දැන් ලොකුද?
අපි හිටෙවි දොඩං ගහ
පීදිලා ඇති නේද ?
ඒකෙ ගෙඩි මොන රහද ?

ඉස්තොප්පු පඩිය උඩ
ඇන තියං බිම බලං
කුසුම්සිරි අයිය හිටි හැටි
දැනුත් මැවි මැවී පේනවා
"අඩෝ තෝ මරනව "
කියා මට ගැහුවනං
ඒ තියා එකම එක
වචනෙකින් බැන්න නං
මේ තරං දුකක් නෑ

ඔය අතේ රහ නැතත්
මෙහෙත් මං උයනවා
දිගට දිග කවි ලියා
ඉරිදා පත්තර වලට අරිනවා
ඒ කාලෙ තරමටම සුදු නැතත්
සුදු කමිස කන්තෝරු අඳිනවා
සුදු අක්කෙ මං හොඳින් ඉන්නවා

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails