Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වසර පසළොසකට පෙර,
මට අයිති වුණ නුඹේ ජීවිත දිය කඳ..
සුන්දරය! පෙර ලෙස නොව - ඊටත් වැඩිය අද මට..

ගලා යන ඒ දියකඳ
තෙමාලයි මා හදවත
ඒ සීතලට ඉඩ දී - නෙත් පියාගෙන ඉමි මම
සීතලට උතුරා වැටෙයි නුඹෙ සෙනෙහස
නහමි ඒ දිය රැළි’තර - නුඹේ පැහැදුල නෙත අස..
කවියක්ය ඒ මොහොතට-ජීවිතේ රන් සියපත!

දකිමි යළි යළි දිය රළ - මගේ නෙත් යුග විනිවිද..
පෙනේ මුදු රළ රැළි’තර - පිහිනන සිතුම් මින් කැල
මටම ජීවිතේ පවසන - ආදරෙන් හිනැහෙන..

ඒ අතර ගල්කුළුය.. විටෙක මා සිත රිදවන!
මුත් දනිමි, ඒත් ආදරයම බව ..
මටම දෙඉවුරු දක්වන
ජීවිතේ කටුක තැන් පෙන්වන..

නුඹය.. ඒ හැම දරා හිඳිනා දියකඳ
සහස් සියපත් දරා හිඳිනා දියකඳ
එ දිය කඳ මත වෙසෙමි.. සුපිපෙමි
නිවෙනා තුරා මතුවට..

මටම පමණක් හිමි නැති
ඔය ආදරේ ගඟුලත කිමිදෙමි!
ඒ ආදරේ තව බෝ දෙනට දන් දෙමි..
සීත පින්නෙන් නැහැවී.. නුඹේ හදවත සුපිපෙන උත්පලාවිය මම වෙමි!

උපුල් පෙත්තේ සුවඳ පුරවන නීල දියවර නුඹමය..
මගේ ලෝකය සුරකිනා නිල් අහස් මඬලද නුඹමය..
එලොව දුල කැල්මකින් නහවන ඉරත්-එළියත් නුඹමය..
මගේ ලෝකය නුඹමය..
මගේ ජීවය නුඹමය..

සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ | මධ්‍ය මහා විද්‍යාලය - මහරගම

සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails