Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ග්‍රීසියෙහි ඇතෑන්ස් හි
තුමුල කොලෝසියමක් මුදුනතින්
පසුබහින දිවයුරුට පිටුපා
ඇරීනා මණඩපයක හිඳ
ඔබ ගී ගයන සඳ
ගලා ඒ බියුගල් කාහළ නද
මහද මුඩු දිවයිනට

අත් පොරෝ තෝමර ද නෙක අවි ද ලෙළවා
පළවා හරින්නට හැදුවද
රැව්දේ ඔබ ඔදවත් හඬ
සුනිල අහසත අතුළ
සාදු ගායනා ලෙස
එවිට මම හඬ නගමි
සාදු.........සාදු.......සාදු

වපුළ නෙක රොස් පරොස්
රකුසු බිජු පොළොවතෙහි
නැතොත් අහසින් පතිත
ගැජුම් අවි විලසින
එකිනෙකා මුළු ගැනී
බියපත්ව දුවන කල
අසනි වර්ෂා පොළව මත හැපී ගිඟුම් දේ
මව අහිමි බිළින්ඳෙකු
ළමැඩියෙහි හොවා ගෙන
එබියපත් නෙතු කඳුළු පිසින්නී

පේ‍්‍රමයෙන් කඩතොලුව
වියලි හද නිම්නයක
සුදු රෝස පිපෙන තෙක් හිඳින්නී
සදා මිනිසත් බවෙහි
නොනිමි සිහිනෙක සතැප
සදා මිනිසත් බව ම පතන්නී
යුගදුර දුරැරළා
පහන් තරු පිපෙන කල
ෆමිනර්වා ලෙසින් නුඹ
හද වෙණෙහි වෙළෙන්නී

*ෆමිනර්වා -කලාවට හා බුද්ධියට අධිපති ග‍්‍රීක දෙවඟන

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails