Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බුලත් විට රස
දිවෙහි මතකය
අවදි කළ නො හැකිය
හුදෙකලා මතකය
හරවා ගිය ද ගම් දනව් වෙත.

දත්වල බැඳුණු පැල්ලම්
පරණ නටබුන් සේය
යුරෝපය කියා කිව්වට
ජීවිතය නීරසය
මිනිස් සුවඳක් නැති සඳ

වසර තුන හතරක් පැරණි
ගෙන ආ ඇඳුම්
උණුසුම ද සීතල ද
පිරිමසා ගති.

සසඳයි මිල ගනන්
කන්වර්ට් කර රුපියලට
සිත කියයි විගසම
පස්සේ බලන්නට

කය ඇවිද
එහෙ මෙහෙ ගිය ද
සිත පලා ගොස්ය
ගව් ගනනක් ඈතට

සිත
නතර වන තැන් වලට
වද්දවා නො ගනී

කිසිවෙකු නො දනී සිත නැති මේ කය

දුක සතුට දෙකටම
හිනහ වෙන මුහුණ
සාක්ෂියක් නොවේ
ජීවිත අර්ථයට

ඉතිරිකර ගත් එකම දෙය
හිතේ හය්ය ය
ඒ හය්ය
යුරෝපයට ද වඩා
හය්ය ය ඇත්තටම.

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails