Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සරසවි ජීවිතයෙ බන්දනෙන්
සංකේත අත්මිදුමකිය මේ නාට්ටිය
සම චරිත අපි රඟපාන
සමුගැනීමේ රාත්‍රී සාදය
නාට්ටියක් නෙමෙයිනේ අපි දෙන්නට

.....................................................
රෑ දෙකක් එකට හිටි කරුවලක
නයන අඳුන තවරගෙන ගොඩක් අය
කලුම කලු පාටට
ඒකටත් හරියන්න
තොල් වල හිනා ගාගෙන ලේ රතු පාටට
ඔයා එන්නෙ
නොවක් මතක ගොඩ මත
හරි පරිස්සමෙන් වගෙ අඩිය තිය තිය
අත දිදී යාළුවොන්ට සුබ පතන
මගෙ ඇස් වැටෙන් අල්ලගෙන
ඒ අස්සෙ තදඳුරු අහසෙ
නතරවී හරි මැදම
මල් වෙඩිලි පුපරන්නෙ එකපාර..
පිපෙන-විසිරෙන-පරවෙන-හැලෙන ඒ මල් යට
අතට අත දෙන සුබ පතන පෝලිමේ
කිට්ටුවෙයි ඔයා..
පෝලිමේ කෙලවරෙම මම
අන්තිමට අත දෙන්න බලාගෙන

හදවත් කම්මලේ මයිනහම
හුස්ම ගිනි ගන්නකොට නැගෙන හඬ
ඇහෙනා තරම්වත් අවකාශයක් නෑ එතන
මල් වලින් වෙඩි තියන අහස යට...
එකම එක වචනයක්වත්
ඇහිඳින්නෙපා අපෙ ඔඩෙක්කට
තොල් හෙලවෙනව විතරනේ බොරුවට..
ඔයාගේ ඇස් වල කළුංගිරියාවේ ඇඳෙන
මගෙම රුව කොයි වගෙද
බලන්නයි මේ වෙලේ ඕනෙ මට
ඒත් හරි කළුයි මේ රෑ දෙකක් එකට හිටි කරුවල
එකපාර මල් පිපෙන - පරවෙලා හැලිල යන
වෙඩි තියන - ගිනි ගන්න - මේ මල් අහස යට

අන්තිමට
සමුගැනීමේ සාදය කෙලවරම
ඩීඡේ එකේ නටන අය කෙලවරෙම
සිමෙන්ති කණුවක බරට
ඔයා විතරක්
කල්පනාවේ හේත්තුව..

හැබැයි මං ළඟට එනකොට ඔන්න
එකම එක වචනයක්වත්
එපා අහුලන්න බොරුවට
පිටවෙන්න දෙන්න
එකම එක ඉකියක්ම විතරක්
ඉක්කාවකට දික් නොවෙන
හිරකරගෙන ඉන්න
කුඩුගල් හිතත්
බෝරයක් වී පුපුරන්න..

(ගොයින්ඩවුන් දවසෙ 2011)

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails