Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇය: තවත් මොනවද අපට කතා කරන්න ඉතිරිවෙලා තියෙන්නේ.. මං දැන් කරපු මෝඩකම් ගැන පසුතැවෙනවා....
(ඇගේ අවසන් අහඹු හමුවීම දා)

හීන් හිරි පොදක් වත් නොගසාම
අනෝරා වැස්ස වැටුණේ කොහොම
දිය බිඳක්වත් ඉතිරි නොකරම
වේලාසනම අව්ව ගිනිගැහුවේ මන්ද

කියන්නට ඇති සියල් කියා නිමවීද
විඳින්නට ඇති සියල් විඳ නිමවීද
හිස්තැන්ය හිස් බරය ගමන් අමතකවීද
හිස්කමින්ම පරිපූර්ණයිද මේ දුර.. ?

රාත්‍රීය ඉකිගසන විටත් කොඳ කැකුළු පීදුනා කුමාරී
හිමිදිරිය දළුදමන විටත් සුවඳ ඉහිරුණා කුමාරී
බූට් සපත්තුව බරට අඩි තබන හදවතට මුවාවී
උදුල වත මඩල සැලෙයි ළපලුව දයාවී

අහංකාර සඳ එළියට කියන්න
වේදනාවෙන් ගැබ්බර නිහඬකම රකින්න
අසම්පූර්ණ කවියක ඉතිරි අඩ ලියන්න
සිහිනයේ කවුළු දොර නිසොල්මන්ව හිඳින්න

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails