Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සන්නාම බෙල හීන
කැහැටු කොම්පැනි අගුව
මාසෙ අන්තිමට ගිනියම් වෙයි
ස්ථම්භ ප්‍රස්ථාර
කුඩුවෙලා බිම වැටී
ඒරියා මැනේජර මොරදෙයි

සේල්ස් නෑ කියාගෙන
බිම බලන ඇස් වලට
පඩි දාට රතුපාට බෝවෙයි
කඳුළු හා කලවම් ව
සේල්ස් කොමිෂන් වඩිය
පත අටම එක පතට සිඳුනයි

මාකටිං පන්තියක
කොට්ලර් කියා දුන්න
ශුද්ධ වෙළඳාම නෑ සෝයුරේ
බාල පිත්තල වලට
ඇඩ්වර්ටයිසින් විදින
වෙළඳ මායම් පිරුණ නගරයේ

ගෙලට ලා ටයි ගැටය
නුඹේ ලා රත දොවන
බිමේ සෙවණත් විසයි සුමිතුරේ
දන්න සිප් තටු පැළඳ
තනිව ඉගිලෙන නැකත
පමා නොකළොත් අහස ඉඩ තියේ...

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails