Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කර දඬු උස් මහත් පුතුනේ.. !
එක වංක ගිරියෙම ඉන්නේ!.
නුහුරුවට දැන් පය තියන්නේ
අවවාද කොහොම.. ? දෙන්නේ

හිස කේ පාට ගාලා
ජෙල් ඉත්ත කූරු වී ලා
පැටි සන්දියෙදි දුටු මූණේ
ලා පාටෙ මඩ තැවරිලා මේ

බැරි වෙලා මග තොටේ ගියෝතින්
මං කව්ද කියලා ඇහුවොත්
ඒ ජූතකයි කියාපං.. !
යාලුවො හිනා වේවි නැත්නම්

දැං.. අලුත් අවුරුදු කාලේ
සීයලගෙ ගෙදර යන්න වෙන්නේ
ගිරයට හිරව ගිය පුවකේ
කෙඳිරිල්ල නෑ මට ඇහෙන්නේ

ශුද්ධෝදන රජිඳු නූනත්
වප් මඟුළ දා, වෙලට නාවත්
උඹ කියන තැනකට වදින්නම්
ඔය කරාබුව කනේ, ගලෝපං!

අත්තම්ම අවවාද දුන්නොත්
ඔච්චමට හෙම, මුකුත් නොකියන්!
නෑහෙන්න අම්ම එක්ක බැන්නත්
සීයට බයයි... මං තාමත්

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails