Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගෙත්සෙමෙනි උයන සේ නිහඬයි
හිත් සැලෙන හඬ පවා නොනගියි
නෙත් කෙවෙනි අතර හිඳ වැගිරෙයි
ඇත්තමයි නිහඬ පෙම සොඳුරුයි

ඒදන් උයන් කොනෙක හිඳ හමන
මිහිදන් නොවුණු මතක මඳ පවන
රහසින් දොඩන වචන මත රැඳෙන
ආදම් සමග ඒවා අත වනන

නිල් අහස දෑස විනිවිද පෙනෙන
කල්වාරි කන්ද ඔබ ළය මඩල
විශ්වාසයේ නිමල ඔරසමට
නින්නාද නැගෙන හඬ ඇහෙනවද

[මේ ස්නේහයේ කල්වාරියයි - 2008]

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails