Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මෙදුක මහ බරකි මට
තනිව ම දරනු බැහැ එය
නොතේරෙන කවියක
දවටා එවමි ඔබ වෙත

ලපලු සෙවණැලිනි බර
වැලි අතුල මළුවක
සිත එකඟ කළ නොහැක
බිඳී , පලු පත් වැලඳගෙන නල

කැඩපතක් වෙත හිඳ
මාව ම සොයන කල මම
පිරිපුනින් පෙනෙතත් මා
තිබු යමක් නැති බව හැඟෙයි මට

රළ පෙළන වෙරළක
අහඹු හක් බෙලි කටුවක
"හෝ ", ගාන හිස් බව
රැවි නඟයි නොනැවතී මා තුළ

පුරුදු මහ දිගු රැයක
අවදිව දකින සිහිනෙක
මා හා එකම මඟ යන
නොහඳුනන හඳුනන රුවක් ඇත

[සුද - 2005]

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails