Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වක ගැහී සඳ පළුව පිලේ පෙති ඉහින්නේ
ගෙ මිදුලේ නා දළුව රතින් තුඩ ලිහන්නේ
ගිරිහිසයි දැවෙන්නේ
තිලකයයි දැන් ඉතිං අවනඩුව කියන්නේ
පිපුණු ගෝමර කැරලි අවරටයි ඇදෙන්නේ

මහ කඳන් හිටි ගමන්
ඉටි පහන් එළියෙනුත්
දැවි දැවී දියාරුව ගලන්නේ
වනස්පති සළු ඉරා ගුහාවකි සොයන්නේ
අටවකත් කඳුළුමයි එවන්නේ..

කළු ගැහුණු නිය පිටින් ජීවිතේ පිරිමදින
රළු බොරළු මිදුල මැද පා පතුල් වැඩ හිඳින
ඇගෙ හිනා පරවෙලා වැටෙන්නේ
වාරු නැති උකුළ මත
පැන් කළය ඉස තියා
ජීවිතේ පුරවන්න වීරිය ද වඩන්නේ..

අහිමි සුසුමක හැඩය විසුල සුළඟට කියා
නොදුටු දෙනෙතක මැද්දෙ හැපුණාම කළුවරේ
පාළු ගැඹුරක් ලියා අහසටත් අත තියා
ලියද්දක දිය කඳුරු බඳින්නේ
මිගදාවමයි හිතේ ඇඳෙන්නේ
හේමන්තයේ නටුව නෑ කුසුම සිඹින්නේ

ගැටගැහුණු කවක් අග එළිසමය බිඳින්න ද
උරිස්සට පාවාඩ එළන්නේ
බර වෙලා ආදරෙයි තැවෙන්නේ
රැළි ගැහුණු ගිරිදඹයෙ වෙහෙස දුටු නෙතගින් ද
ඇබින්දක් සා පවස නිවෙන්නේ
වැටද්දර බටිත්තන් කූඩු නෑ තනන්නේ

නෙලුම් පතකට පිණි ඉහින්න ද
සංසාර මඟ අසළ ගැවසුණේ
ජීවිතේ කෙළවර ද නො පෙණුනේ
සදෙව් ලොව තරු පොකුරු ඇඟිළි තුඩගේ පිපී
බිනර මහ අසිරි මැද විසිරුණේ
ගිනිකූරු මල් වැලේ මුවදොර ට ඇරෙන්න ද
මැටි පහන් එළිය වගෙ හිනැහුණේ
සඳ පළුව වට පිරී ඉතිරුණේ

29. අගෝ. 2011

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails