Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පුංචි ළපැටියෝ කවි ගී කියන
අතු පතර බලි කුරුටු ඉරි අඳින
මීරි පල වැල පිරුණ මේ පෙතට
ඉගිල එන්නට වරම් නෑ නුඹට

ඡන්ද ලේඛනයෙ නම් ගම් නැතිව
තැනූ කූඩුවේ ආයුෂ මඳව
කිලෝ මීටර රහින්නට බැරිව...
උඩු රැවුල් කරකැවූ
ගුරු දෙගුරු සේනාංක
රතු පෑන් තුඩින් ඇස් රතු කරන
පියවරුන්ගේ කඳුළු වැහි වහින
කඳුළු වස්සානයයි මේ...

කාසි රුපියල් නැතිද
අඳුරු මං පෙත් අරින
සර්ව බලධර මැතිඳු
මූණ බැලුවේ නැතිද
මුසා ගී රාව දෙන
ආදි සිසු සාද වල
තාත්තාගේ මුහුන හිඟ වීද
ගිජුලිහිනි ඇස් වලට ලෙව කන්ට
රන් පෑය මඳ වීද
මවු කුරුලු තටු වලට

ළපැටියෝ මේ පෙතට
ඉගිල එන්නට වරම් නෑ නුඹට..

කවුරුවත් දෑස් නොයවන කොනෙක
දිරාපත් පිදුරු යට උණුහුමේ
මීරි ඉඳලොලු කැකුළු සිනාසේ
පොඩිත්තෝ අකුරු අඩු හෝඩියට
එරමිණිය කටු පිරුණු මුඩු බිමේ
අකුරක්ව පායපන් හෙට දිනේ...

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails