Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දිරා යන මළ සිරුරු අතරින්
වියළි සුළඟක් හමා යයි හඬමින්
පණ ලබා නැගිට එයි මැරුණු දරුවන්
දුර තියා ඉස්සී ඉස්සී බලමින්

සරු පොළොව උවමනාවෙන් වටපිට බලයි
කොතැන සිට හෝ එනතුරා තමන්ගේ දරුවන්
මිය ඇදුණ මුත් නොනිදනා දඩබ්බර විරුවන්
සිපගන්න මහ පොළොව මග බලාගෙන හිඳියි

ඇති එකාගේ කැමැත්ත නැති එකා සමාදානයේ සතපා
උගුර ළඟට එනතුරු කා බී ඇස් වසා සිටීම වුවත්
පොළොව යුක්තිය දකියි - වැපිරු දෙය ම නැවත දෙයි
දෙවියන්ට වැළැක්විය නොහැකි දෙය මහ පොළොව ගිලගනී

අමුතුවෙන් තැබූ දෙය දිරා යයි - පොළොවට අයිති දෙය පැළවෙයි
ඇස් පියාගෙන වුවත් මහල්ලන් පුරුදු පාරේ දුවයි
රුධිරයෙන් කිරි වෙන් නොවෙයි - මහන්සියෙ ඵලය වෙහෙසයි
දඩබ්බර වුත් තමන්ගේ දරුවන්ට පොළොව හරි ආදරෙයි

භයානක සමාදානයේ අකීකරු වෙඩි උන්ඩ මත නිඳන
මළවුන්ව වැහෙන්නට මිනී අළු එළාගෙන
හතුරා සමඟ සිහින දකින්නට නො හැකිය
දරුවන් අහිමි වෙත් දී ගිනිගත්ත පොළොවකට

තමන්ගේ වෙඩි වැදුණු පොළොව මත දුක්විඳින
ඇස් වසාගත් සැණින් තිගැස්සෙන දරුවන්
තමන්ගේ දේහය ද වළදමා තමන්ගේ දෑතින්
ඉවසන්න පුරුදු වෙයි ලසෝ ගී විඳිමින්

සන් කරන හඬ ඇසෙයි - පොළොවට දෙවියන් ය මිනිසුන්
දෙවියන් මැවූ පොළොවෙන් - නැඟෙන හඬ හරි කන්කලුයි
මහ පොළොව සිපගන්න - බදාගෙන වැතිරෙන්න
දරුවන්ව ඉවසන්න මහ පොළොව කැමතියි

සමරකෝන් පතිරාජ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails