Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මුතු කරාබුව
තවම මා ළඟ
තනිව පැළඳිය නොහැකි අනෙකද
ඔබේ කුටියෙහි නැතිව ඇති අද

නුවර උයන'ත
පටු මගේ තිරුවාන ගල් මත
වැටී සැඟවුණ,
සොයා දෙපැයක් මා සොයා ගත්,
මුතු කරාබුව

ගාලු වෙරළත වැලි පළස් මත
ඉරේ රැස් හී ඇනී දිළිසෙත
ඔබේ මුදු කන් පෙත්ත සමඟින
එදා සිප ගත් මුතු කරබුව

කොළඹ බසයක හැඬූ දවසක
කඳුළු ගෑවුණු අතින් ගළවා
කිසි දාක නැති නොකර ගන්නැයි
ඔබම ම මට දුන් මුතු කරබුව

මගේ අල්මාරියේ පොත් මැද
පෙම් පුරාවත දරා සිටිනා
ඒ කුඩා මුතු කරාබුව අද
ශෝක රස ලා ලියන ලද මහ පොතක්මය මට

[අමාවකේ සඳක් සිඹිමි]

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails