Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඩක්කුව හඬයි හිත රිදිලා පීලී දිගේ
මහ වැහි වැටෙයි මිනිරන් කැට වගේ දිලේ
ඒ වැහි යටින් මගේ දරුවෝ කොහෙද ගියේ
කවදා කොතැන නිවනත් විද නුඹෙ හිතේ

හිතේ හයිය වාරුව කොට පාර දිගේ
මිරිවැඩි සගල ගෙවිලා ඇත දෙපය රිදේ
ඈතින් ඇසෙන සෙංගුවෙ හඩ සවන් පිරෙ
වැලිකන්ද පාමුල තාමත් නුඹෙ කඳුලු තියේ

උදේ ඉදන් රැ වෙන තුරු කාස්ටකේ
මිනිරන් කැට එක්ක හරියට ඔට්ටු වුණේ
පුපුරු ගසන තුරු අත් පා හිරි වැටුණේ
හන්දි බෙත් වාත තෙලුත් තනි රැක්කෙ

කුසෙන් අඩක් කා ඉතිරිය ඔතාගෙන
පතල් බතුත් රසමසවුලු කළා නුඹ
නිදන් කළෙන් දුක් ගිනි කඳු හිනාවක
සඳක් පිපුණි නිමවා රැය අමාවක

බෝගල පතලේ මිනිරන් ඇහිලුව අම්මා
ඒ රන් විකුණ දිව මාලිගා සැදු අම්මා
තාමත් විසල් දරු දුක් උහුලන අම්මා
නිවන් නොදැක අපි ළඟ හිටපන් අම්මා

අනූපමා ගනේගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails