Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිඳී ගොස් අඩියට ම බදුකරය
බිසවුනේ දැන් අපට
ඉතින් මේ රජකමත් අකැපයි
කුලී මාලිගේ ඉඩ
නොබෝ දිනකින් අපට ඇහිරෙයි

පලා පෑ නිම්නයේ ගංකරේ
රම්‍ය මාලිගාවත් හීනෙකී
පැටිකිරිය නරක් වී බිම්පෙතේ
ණය මල්ල බෝ දිනක් පමාවේ

බැන්කුවේ මහත්වරු පොදි ගැහී
සාක්කුව වෙත එබී බැලූදා
ඉලක්කං බිම වැටුණු පඩිපතේ
අපි ඇන්ද නිල් පාට හීනය ම
රතු පැනකින් කපා තිබුණා..
රක්ෂණෙන් සහ නේක වධ වලින්
කෙට්ටු වී පණ අදින ණය මල්ල
එහෙ මෙහේ උන් අත ම
පෙරළෙමින් හඬ හඬා උන්නා
මැනේජරතුමියගේ කාමරෙත්
දිලිහෙනා කඳුළු බිඳු තිබුණා

වෙහෙසවී මේ අලුත් කළුවරට
ඉතින් ඇස් හුරු කළ යුතුව තිබෙයි
සෙයිලමේ නව කටුක බිම් පෙතක
තව නොබෝ කාලයක් දුක දරා
රැඳී හිඳිනට ඉතින් වේ මැයි

නාඬන්න ඉතින් නුඹ
මේ පුංචි පැටවුනට
අප දෙදෙනගේ සිනහ පමණයි
කඳුලකට තිත
කඳුලක ම වෙයි...

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails