Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහන්සිය උදව් දෙන්නට නො හැකිකම
කාන්සිය ඔතැන ඉන්නට නො හැකිකම
බූන්දිය අතට ගන්නට නො හැකිකම
කේන්තියට ප්‍රේමය දිගහරිමි මම

මාලතී මලක් පීදෙයි වෙරළ ඉම
නෑසෙනා හඬක් වේ මැයි නිහඬකම
වාසනා ගුණය වෑහෙයි අසම සම
ආදරේ කවක් සේ මැයි සොඳුරුතම

රණවි තමයි කවි, මුවහත තබන ලද
කුරවි කෙවිල්ලෝ සටනට බඳිති රොද
මෙළවි තිබෙන අත් දිගහැර නඟන නද
සෙනෙවිවරුත් වෙති අක්ෂර සෙනඟ මැද

දූලි නො වදියිද එළිපිට වික්කාම
පේලි ඇල වෙයිද එළි වැට රැක්කාම
විදි නො බසියිද රස කවි එක්කාම
කූඹි නො ඇදෙයිද පැණි රස දැක්කාම

2011 සැප්තැම්බර් 02

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails