Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පුවත- ප්‍රභූ ආරක්‍ෂක රථයට තවත් පුරවැසියෙක් බිලි!

පියඹ කැටුව මහ මග වන් ඇසිල්ලේ
වීදුරු කලු භවන ඇදුණයි විදිල්ලේ
රජමැති දනා සැතපෙති රන් තොටිල්ලේ
කතිරය ගැසු පුරවැසි මරු තුරුල්ලේ

පාර අපට පාරේ අයිතිය උන්ට
නීතිය අපිට එහි රැකවරණය උන්ට
පාඩුව අපට වාසිය කොහොමත් උන්ට
මදි ද තවත් කල් මේ ටික වැටහෙන්ට

වීදි සරන කල රට කරවන ඇත්තු
පිරිවර සෙනඟ වෙයි මහමග බලවත්තු
දැක දැක යෙහෙන් සරනා රජ සිටු පුත්තු
මොකට මගට එනවද යටහත් සත්තු

හුරේ දමා උඩ ඇරි අපෙ රන් කැටියා
දැන් දැන් අපේ කටටම පහරන සැටියා
ඉවසන දනා හට බිම දාගෙන කෙළියා
නිවන් පුරේ යනවද ගරු පුර වැසියා

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails