Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත - ත්‍රීකුණාමළය හබරණ මාර්ගයේ හමුවන සුපතල "යකා වංගුව" අධිවේගී මාර්ග සංකල්පය යටතේ කෙළින්කර ඉදිකර ඇත.

තුන්තිස් පැය ම නිදි වරා
දහසක් රිය පා පහස ලැබ
තැලුන සිරුර රිදුම් දෙන ස‍ඳ
දනන් තුඩ තුඩ රැඳි
නොයෙක් විපරීත කතා පොදි
යකාට ම ගියාදෙන්....

නැමී තුන්කුදු ගැහී
පැදයන...
දෙකන්සේ වැලි තැවරෙන
කොහෙන් කවුරුන් ඒවි දැයි සිතමින
වනේ ගිජිදුන් ඉඳියි මග රැකගෙන
හැරී පහර දෙන තෙක් නොපෙනෙන..

හැල්මේ දුවන විට දෑස් පියවෙන
ඇසිල්ලෙන් ඇලපත්තට ම තෙරපෙන
තෙල්-බෙහෙත්-සෙන්ට් සුවඳ විඳගෙන
වියපත් දෑස් වුව කෝලයෙන් ඇඹරෙන
රියදුරු සකි සඳත් මදහසක් නංවන...

නිමේශයක් වත් අපතේ නොහැර
දුවන්නට අවැසිය දිනුම් කණු පහුකර
ඉතින්! කුමටද මේ වංගු දුෂ්කර ?
තාක්ෂණ මහත්වරු අසයි කට ඇදකර

තලා යුෂ මිරිකා වක ගැහුන ඇඟ
හෙලා නග්නව යකඩ මරසෙන් ළඟ
උලා උණු තාර සියොලඟ
මළා මෙන් සිටියි
යකා වංගුව...

සාර සුබාවට නැමි නැමී පසුකළ වංගුව
පාර පෙනී නොපෙනී ගොස් මතුවුණ වංගුව
මාර සෙනග මග අහුරති කියැවුණ වංගුව
සූර කමට මග නැගුමෙන් හැංගුව වංගුව...

කන්තලේ සෝමා වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails