Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දකුණු පස මහ සෙනඟ
තෙරපයි මාව ඔබ වෙත-
වම් පස මහ සෙනඟ
තෙරපයි ඔබව මා වෙත-

තද වෙවී කිටි කිටියේ
හැඟුම් ඇහැරෙයි කඩි මුඩියෙ-
ඇලවිලා ඔබෙ පපුව
මගෙ පපුව ඇති තැනට-
ලං වෙලා ඔබෙ නැහැය
මගෙ මුහුණ ඇති තැනට-
දඟ කරන කෙහෙ රැලක්
මගෙ ගෙලේ පැටලිලා
දා බිඳක් මං හෙලූ
ඔබෙ ලැමේ නැවතිලා-

සෙමෙන් ඇස් වහගන්න
විඩාපත් කිඳුරියේ
මහ සෙනඟ පොදිය මැද
මං ඔබව ඉඹිනවා-
මං ඔබව ඉඹිනවා-

හූ නොකියන් කෝච්චියේ
හෙමින් යමන් කෝච්චියේ
මගෙ ආදර කෝච්චියේ
මග කැඩියන් කෝච්චියේ


මං ඈව ඉඹිනවා
මං ඈව ඉඹිනවා

2007

කූඹියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails