Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අදිමි අත් තිරිංගය
සිහිල් පවනැල් ගලන
වායු සමීකෘත ලෝකයට
ඉදින් පිය නඟා යමි
දූලි රැළි නලියනා
වියළි මං පෙත් මතින

ගැහැට දුක් දිවි බරින
විඩාපත් නිදි කිරන
පියවරුන් සොයා ගමි
බලවේග කට්ටල තුලින
හිරු නොදැල්වෙන යාමයෙක
මලානික විදුලි එළි යට

ජීවිතේ ලෑටි ගා
සිල්ලර කඳුළු යදින
අන්ධ මවකගෙ ඇසින්
මග හසර සොයා ගමි
නැවුම් කවි දළු නැගෙන
කවි කෙතට

දුක් ගැහැට රත් යකඩ
කපටි හිස් මොළ තැනුව
චීන අරුමෝසමට
ජීවිතය පිඹහලන
මණි බඩු වෙළෙන්දෙකුට
හිතුමතේ රැවටෙමි..

කඳුළු ඩහ දිය සමඟ
බැක්ටීරියා මිශ්‍ර
ඇලුමීනියම් ඔක්සයිඩයෙන්
අත්ල මත රටා ඇඳි
අත්වාරුවට සමුදෙමි
බස් රියක
අලුත් කවියක්
ගෙන අතට...

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails