Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සංසාර සඳමිණක දියකඳ
පිංසාර බඳුනකට අවැසි නැති තැන
රිදුණු ගඟ දිය
නංවා සරැළි දෙබෑ කර වැළපෙයි
අනන්ත නිම්තෙර අග දි හමුවෙයි

අතුල් පහරින් දමා ගැසු
කොපුල තව තව රිදෙනු දැන
දෙ තොල පිපිරෙන සිනහා සයුරත
බිඳී යයි පෙණ කැටිති පණ ඉස
ඉසව්වක අර කුළුණකට යට

පැලී ගිය හද පාළු කරලන
අරලියා මල් පවා ඇහැරුණ
දැවුණු දහවල අහස අග්ගිහ
වැටකෙයා වැට දිගේ ඇවිදින්
පිහ දමන්නද උනන දහදිය

අලුත් අකුරක අලුත් හැඩයට
ඇහිදින්න ගෙල පොටට ගෙත්තම්
ඉකි ගසාලන මෙර බදා ගෙන
මොර ගගාලන කඳුළු කිණිත්තක්
අසල් වන්නට නැති පුරුද්දක්

දෑකැති සඳ
බැස යන්නට දඟළන ඇසිල්ලෙම
මන්ඳාරම් වැහි ඉහෙයි හෙමිහිට
අළු පෑයෙන් නැඟි ඉරිසියාකාර මේකුළු
ඇබිත්තන් ඉරු රැස් මුවාවෙන් හිනැහේ

පාරමිතාවක් නො වන්නට
බෝ පත් සිහිල් සෙවණක
දුල් හැඟුම් කලතාලන දිය දහර
විසුල සත් පියුම් පිපී පර වෙයි
කිරි වෙහෙර ළය පැලී ඉහිරෙයි

හීන දකින ඇස් යට
හීන් කඳුළක් උපදින කොට
තෙතබරියන් වෙන ප්‍රේමය
නූස්සන ඉසකට
බරට අඩි තියා තුරුපත් මත
ඇවිදින්න පුළුවනිද නො රිදෙන්න

මිටියාවත පුරා ලිහෙන කළුවර
කිරිල්ලක නමට ලියා ඇති පෙර දිනෙක
ඉඳුවර නැතත් ඉඳහිට
තුඩ බිඳුණු පන්හිඳක් තිබෙයි තනිවට
ලෙහී ගිය කව් කුමුදට
දෑකැති සඳේ මුදුනත!

15. ඔක්. 2011

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails