Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උනා
හකුලා
තබමි
කනප්පුව උඩ
උපැස

සිසිලසට පෙම් බැදි
අතිසියුම් ජල වායු ධාරා
සිප බඳුන් බඳ
නිවී සැනහී
ජල බිඳිති වේ

රන්වන් පැහැති දියරය
තෙමා දොතොල ම
පුරා විහිදී
ධමනි ධමනිකා කේෂනාලිකා තුළ
කරයි උනුසුම්
ගත

පැමිණ ඇත
මා හමුවට
සොක්‍රටීස් , ප්ලේටෝ, මාක්ස්, ෆ්‍රොයිඩ් හා ලෙනින්
මිතුරු වූවන් පොත පතින්
බොහෝ කලකට පෙර
පවත්වති වාද විවාද
අරුත් බර දේශන
මනස් මණ්ඩපය තුළ

සැලෙන දෑතට
ලැබී ඇත තරුණ ජවයක්

හිස් වෙමින් බෝතලය
පිරේ මදු බඳුන
ගලා එයි සාරය
ආත්මය තුළට
විසිතිස් වසකට පෙර
විච්ඡේදනය කළ

අමරේ, ජෝති, මිල්ටන්
ඇයි එම් එස්
නන්දා, නීලා, ඇන්ජලින්
ගයති ගී මියුරු ලෙස

පලා ගොස් ඇත
පාලුව හද රැඳි
ඉතිරි කර
එකම එක සුසුමක්
හදවතේ ගැඹුරේ ම

යොමුවුනි බිත්තිය දෙසට
බොඳවුණු දෑස් යුග
සිනහවෙයි ඇය
ඔච්චමට
සඟවගෙන
ආදරය .

කොලින් අල්ගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails