Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හැට දහකට රැකියා නැතිකොට
උපාධි පත්තරේ විසිකොට
හැටේ වත්තට පැන ආ කාන්ති මං

අම්මා නම් තාමත් තේ පඳුරු යට
වැල් ගොටු කොළ ගලවනව ඇතී
යන එන මං නැති කොට
හමු වුනා තමයි ඔහු
ලොරි රියදුරකු විලසට

මහත්වරුනි එනු මැන පිල්කඩට
මුහු නොවුනු මේ සැර වතුර
අවුළු පත් කට ගැස්මට
වටවල කහට වත් නැති තරමට
හිත හොඳ එව්වොයි
මේ පැලවල් යට
බයක් තරහක් නොමවෙන්ට
කාකි එව්වො එන්නේ නෑ මෙහෙට
උනුත් අපි වගෙයි
කළු පාටට උසට
මුහුණත් දැවුනු ගානයි
හේනට කුඹුරකට

බත් උළු සමග
බොර වතුරත් පාවෙචිච්
වැසිකිළි දුගඳ
සූදු ඉහඳුන් මතු වෙච්චි
පැල්පත් තුළම
පැටි පැල්පත් බඩ වෙච්චි
හැටේ වත්තේ මං ගුණවත් නෝනච්චි

සුදු කොක් රෑන
මතු වෙන කාලය ඇවිදින්
උන් කර පොවති
රන් මසු ඇතිදැයි පවසින්
මේ පැල්පත් කුමට
අසතිය මුදු ස්වරයෙන්
ඉගිලෙන විට පෙනේ
කළු අවිතුඩු බඳගින්

මේ පැල්පත් නුවර නැතිකොට සදහටම
හැත්තෑදහක් පිලි සිහිනෙන් පෙනෙයි මට
හදවත් පෙනේදෝ සැකයක් හැඟේ මට
තුඟු සත්මහල් මැදුරත් සිහිනයකි මට

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails