Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිල් වැව් ඔසරි පොට
සෙලවුණා විතරයි
හංසයා දියට බැස අහවරයි
නෙත් හී මානා
ඈත දුර ඉලක්කෙට
උගේ ගමනක් ඌ යයි
පා ලකුණු කිසිත් නොරැඳෙයි

හිරුට කලියෙන් පිබිද වූ
ලේ මුසු තඹර පෙති
යහපත් පුනර්භවයක් සොයයි

මධ්‍යාහ්නයට පෙරාතුව
හසරද සුදු මුහුණ
වෑතල කැඩපතින් මැකීයයි
දියෙන් කිරි උරා සීරුවට
අත්තටු බඳෙහි පිසලයි

හංස ගී ඇසුණා තමයි
මං ඉවුරත අසරණයි
තුවක්කුවක් තිබුණත්
වෙඩි තියන්නේ කෝම
ඒ හංසයා සුදු ඇඳන්

ණයට දුන් සඳ එළිය 2010

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails