Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(කාව්‍ය සම්මානය සඳහා කිසිදු ග්‍රන්ථයක් නිර්දේශ කර නොතිබුණු ගොඩගේ සම්මාන උළෙලේ දී මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කාව්‍ය ග්‍රන්ථයට කුසලතා සම්මානයක් ලබා දෙයි.)

හිරුත් හිම පියල්ලෙක
උඹත් පුස් වෙඩිල්ලෙක
සරතේට වුණත් උඹෙ
තරහ යයි නේද බොල

ගමට යන ලියමනක
උඹ ලීව පද වැලක
මිනිස්කම තවරලා තිබුණා
උඹේ නැහැදුනු කමට
ඇමති ළඟ දණ නැමුව
සාරි කඩයක් ළඟදි
සුගන්ධිත් ඉකිගසා ඇඬුවා

දහ ජරා ගොඩ මැදට
ගොඩ ගැසී වැටුණාම
ගොඩ එන්න බැරිය හිත රිදුණා
ගොඩගේගෙ ගොඩය ළඟ
උඹත් සළුපිළි උනා තිබුණා
ගස යට තවම
නතර කර ආව
අම්මාත් හැරී බැලුවා
ලොකු කඳුළු ගෙඩි දෙකක්
ඇස් දෙකේ පිරී තිබුණා

ගලහ පාරට නෙවෙයි
ග්‍රීන් පාත් පාරටත්
ලොකුම වැහි බින්දු නම් වැටුණා
මේ විසල් අහස යට
ලොකුම බොරුවක් උඹත් කෙරුවා

කුණු එළවළු වුණත් ඉතිං
උඹ ඇවිදින් සුවඳ කැවුව
ගඳයාගේ සුවද සිහින
බොඳ වෙලා බිම වැටුණා
කැනල් පාර දිගේ හෙටත්
ගඳයාටත් වැඩිය ගඳක්
උඹේ ළඟින් හමනා

හිනාවය කියන්නේ මල්ලියෙ කුමකටද
සම්මානෙක දිලිහෙන රන් ඉරිවලට
අම්මා මරු කවිය කිව්වත් හෙට දවස
කවියෙක් වෙලා මොකටද බොරුවට ලියන

පුබුදු රංගන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails