Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බදු දෙමු විකුණමු
විකුණගෙන කමු
මේ රට හරිම රසවත් ප්‍රණීතයි
කුකුළු මස් රසැතියි
ම්... ම්... වාව්.. ඩි.. ලීෂස්..

පුරවමු ගංගා ඇළ දොළ
වැව් පොකුණු මුහුදුද
මත් පැනින්
අපෙ පොඩි එවුන්ට
මදි වෙයි නැතිනම්

ආශ්චර්යවත් සංචාරක පුරවරේ
සරත හෙලුවැලි සුද්දියන්
පසුබිමට නොහොබී හිඟන්නන්
ගල් ගසා හිස් තලා
පසුබිමට යොදමු කටවුට්
මස් ගොබ පුම්බගත්
ඡන්දාපේක්ෂකයන්
හිඟන්නන්ට කොයින්ද උණු බත්
දැන් උන්ගෙ ගෙවල් ප්‍රශ්නෙත් කම්මුතුයි

මුහුද පිරී ඉතිරෙයි මසුන්ගෙන්
සුදු නාස් පුට හැකිළේවි පිළී ගඳින්
උන් මරා කෑමය විසඳුම්
කුකුළන් බෝවෙලා ගඳේ බෑ
ගෙළ මිරිකා හදමු චිකන් බ්‍රොයිලර්

ගේමු අලුතින් පනතක්
කොයි එකා මැරුවත්
නොමරන්න කිසි දා හරක්
සුදු බඩ මහත
හිස කඳ යාවුණ
මොළේ කළඳක් නැති
දියවන්නාවෙ හරක්

අප්සරා පොඩිමැණිකේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails