Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත- ඔඩෙල් එකේ, කැෆේ චේ එකේ, රොටරියේ.. චේ රුව දුටිමි.

තැලෙන පොඩිවෙන
දුකින් මිරිකෙන…
තුට්ටුවට දෙකට
ජීවිතය විකිනෙන…
කම්හලේ
නුඹ කොහෙද ...

ගිනි ගහන
අව්වේ..
නා කපන
වැස්සේ..
මහ පොලොව
හා ගැටෙන..
ගොවිපොලේ
නුඹ කොහෙද..

වන පොත් වමාරා
එකිනෙකා පරයා..
ලොකු තැනට
රිංගන්න
තරඟයට සැරසෙන..
සිප්හළේ
නුඹ කොහෙද…

බොල් සිනා විසිරෙන
සුදු සිරුරු පා වෙන..
රෙදි පෙරිදි වෙනුවට
නම් අකුරු
විකිනෙන..
සුපිරි රෙදි හලක
ඉන්නවා නුඹ…

සීතලට ඉඳගෙන
ප්‍රිය තෙපුල් සාද මැද…
මඩු විත තොල ගාන
රජ බොජුන් ගිල දාන ..
අවන්හල් බිත්තියක
ඉන්නවා නුඹ…

කුණුහරුප
විහිලු මැද
ඉඳහිට උගන්වන..
කඩුලු තරඟෙට
පුරුදු කරවන..
ටියුෂන් කඩපොළක
පෝස්ටරයක් මැද
ඉන්නවා නුඹ..

අනේ චේ
උන් නුඹත්
උදුර ගෙන...

කෞශල්ය පතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails