Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



*මාරියෝ පූසෝ ඔබට ස්තූතියි!
(God Father චිත්‍රපටය ඇසුරෙනි)


මරාගනිති ඔවුහු
එකිනෙකා හා ගැටී
නගා ඉලක්කය හිසටම
වීථි මත වැද හෙවෙති
එද ඔහු පූසා වගේ
ඉන්නා අපූරුව
කිසිවකුදු නොදොඩා
කිසිවකුදු නොඅසා
මාරියෝ පූසෝ.....
ස්තූතිය ඔබහට
කියා දුන්නාට
මේ අපූරු වෘතය

විලක් මත
එකලාව ඔරුවක නැග
විසි කරයි ඔහු
මාළුනට පොරි
නැගෙයි වෙඩි හඬ
නුවර වීථියක
අවසඟව අඩපණව
වැද හෙවෙති
ඔහු මිතුරු දන
බලය...අවිය...මුදල
විසිර යයි බුන්ව
පපු කැවුතු අතරින්

අල්තාරයේ අභිමුව
සුරුවමක් අතදරා
යදියිය ඔහු
බලය...බලය...බලය
ඇසේ නෙක යාතිකා
තුන්තිස් පැය පුරාම
අකනිටා ඔබ ලොව දක්වාම
නොනිදන එෆ්.එම් නාලිකා තුළින්

මුණීවර අභිනය පාන අතරම
පසුපස යක්ෂ රංගාවේෂය
පහළ විය යුතු මුණිවරයකු
නව ධර්මස්කන්ධයක් බෙදන්නට
නව සුරුවමක් අත දරන්නට
මෙකුරු දිව මුදුනතින්
කාලය අවුදින්
නව භග සඳක් පායන්ට

* ඉතාලි ජාතික නව කථා රචක Mario Gianluigi Puzo

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails