Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කොට්ටයක් සේම කණපිට ගැසිය යුතූ
බොහො දේ තිබේ වෙනසට ලක් කලම යුතූ
අභිමානෙන් යසස් පතුරා රසික සිතූ
බැටලූ වෙස් ගත්තු වෘකයො දැකිය යුතූ

කෙතරම් සුබැසි ගී ලිව්වත් හැම තාලේ
ගිනිබත් කරමු එ හැම නොම වී ලෝලේ
වැඩකළ බැවින් ආණ්ඩුවේ පච මෝලේ
පේ‍්‍රමකීර්තිව නංවමු දිවැස් හුලේ

වෙණනද මිහිරි ඔපෙරා කැන්ටාටා දී
ලොකු ලොකු වැඩ දැමූවත් ඔහුටත් වැඩ වරදී
අරගත් බැවින් ලොකු ලොකු සම්මාන පොදී
කේමදාස යළි මැරුවත් හිතට මදී

ආණ්ඩුවේ මැති ඇමතින් හිතවත්තූ
උන්ගේ අතින් පිත්තල පටි අරගත්තූ
ජෝ මොන නළුවෙක්ද අපි නොවැ මහ ඇත්තූ
සළ රූ පුළුස්සමු ඔහු ඒ තැන ගත්තූ

වෙඩි වැනි කවි ලියූවත් ප‍්‍රවණතාවට
සම්මානෙට නැමූ හිස ඇති ගොඩගේට
ගෙන්වා නො රට සිට අපගේ සිරිලකට
වෙඩිවර්ධනට වෙඩි තබමුකො කලාවට

බෝ සම්මාන ගත් උන් මළවුන් අතර
එබැවින් කිසිත් කරනට බැහැ නොවැ මිතුර
නරපති කැකිල්ලේ සන්තොසින් සිහිකර
මස්ඉඹුලයා නංවමු කටුඉඹුලෙ සැර

ඩස් කැපිටාල් තෝරා ගත් වෙළුම් වටී
පෙරලා ඔබමු කවි තුළ ගැදි පාඨ කෙටී
නො ගනිමු සම්මාන අලූයම කෙළපිඩත් වටී
සම්මානිත කෘති අම්මප බලූ නො වටී

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails