Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පතා අප හිසට අප'තේ සෙවණ
අප දෙදෙනගේ අතේ මහලු වුණ
මුල්ම පොප් රිව්ට් ගන් එක හඬයි
පරණ ආයුධ පෙට්ටියේ වැතිර

පුදා ශක්තිමත් දේහය දිනක
අපේ ඩහ දියෙන් මලකඩ පැළඳ
මුලු ගැන්විලා බලා හිඳි තුටින
රිවට් ඇන හිසක කඳුළක් පෙනේ

නගරයේ සුපිරි වෙළඳ බිම් වල
ඇලුමීනියම් කියුබිකල් රාමු
දෙදරවා වේදනා හඬ නගයි...

උකස් කර මිත්‍රකම් වල සවිය
ගත් බැංකු ණය ද අයිරා වලින
මා ප්‍රගුණ කළ වෙළඳ උපා මං
වල සැබෑ අනුහසින් දෙපෙති වුණ
මල් පලා පල දරන තුරකි අද
අපේ වෙහෙසින් නැඟුණ මෙ’වැඩ බිම

ඒ බිමේ තනි අයිතියට ලොබින
මිතුර ප්‍රාණය සදිසි අප බැඳුම
පස මිතුරු පිළිලයෙන් කෙලෙසනා
උපා මං දෙසූවෝ කවරහුද?

ඇවැසි නැත සට කපට කබා හැඳි
පෙරකදෝරුවන්ගේ නුහුරු වැකි
ඉදින් මේ බිම රැඳෙනු නොරිසිමය
අපේ සැමරුම් බුර බුරා නැඟෙන

මෙ'හිස් අත හැර කිසිත් ඇවැසි නැත
නැවුම් දිවියක මානයන් කියන
හිත මිතුරුකම් මියෑදුනු සිතින්
සුබපතා නිහඬ වන්නෙමි ඉතින...

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails