Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අඬනා පුරවරේ පෑයූ දේදුන්න
අහස් ගව්ව සංගීතය හද බැඳුණ
ඕක මැකිල යයි මට කීමට සිතිණ
මැකිලා තිබුණි කඳුළක් නැති දේදුන්න

රැඟුම් මඩුවෙ ලලනී සහ තනි වීලා
ඈ හංගා ගෙන කිව් කවි තන දැකලා
පෙම් පියකරු මත් වූ හසඟනො දැකලා
මම මනමේ විජිතයෙ රජකම දැකලා

නපුරු දෙබරු ඉන්නා ගඳ තොට ගාවා
කෝමද සිඟිති තන ලැබුණේ කියන් මට
මඳ මඳ සිනා ඇති මා පුබුදන මනස
නැලවුම් කුලුඳුලේ මටදෝ ලැබුණෙ තන

මලක් නෙළා මිට මොළවා ගත් සුවඳ
ඇළක් ගලනවා රස රැළි වෙලා යස
සිතේ සතුට කොයි පැනලා ගියෙද යස
රැඟුම් මඩුවෙ සළු ගැලවූ කුමරි මම

ගිහින් ගිහින් අපි දෙන්න ගිහින් දුර
කටු පඳුරේ කටු අතු අග්ගිහේ ඉඳ
මරුමුසු වනන්තරවල වැදි අතර ජඩ
නුඹ මනමේ බිසව කඩුපත දෙනු කාට

[සඳ වතුර- 2010]

ධර්මසිරි රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails