
නිදි
අතරෙදි
ඔවුන්
රාත්රියක ම
යන්න
සඳ
මුදුන් වූ
පසු
නේරංජනාවෙන්
එතෙරට
බොලිවියාවේ
මහ වනයට
උඩුමහලට
විත්
බලා සිටීවි
ඔවුන්
එදා සිට
නිරතුරු ව
ඇඟිල්ලේ
එල්ලිලා
යන්න
ඔබ
දිනාගත්
විජිතයට
-එළිමහන් කවි සහ ගුහා කවි (2003)
ආරියවංශ රණවීර



