Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රායි මහතා ඉදිරියෙන් ද, හෝරී පිටුපසින් ද මැදුර දෙසට ගමන් කළෝ ය. රායි මහතා මිදුලේ ඝන සෙවණක් දුන් ගසක් යට වූ පුටුවක හිඳගෙන, හෝරී ට බිම ඉඳගන්නට යයි ඉඟි කළේ ය.

සංවිධායකයො කරන්න තියෙන දේ කරයි. ඒ උණාට ගමේ අය තමන්ගේ ගමේ මිනිස්සුන්ට තරම් සංවිධායකයෝ කියන දේට කන් දෙන්නෙ නෑ. මට මේ දවස් ටිකට රුපියල් විසිදාහක් විතර වියදම් වෙනවා. මට තේරෙන්නෙ නෑ කොහොම වැඩ කටයුතු කෙරෙයිද කියලා. උඹ හිතයි, හාමු මහත්තයා මං වගේ මිනිහෙකුට තමන්ගෙ කරදර කියනවයි කියලා. මං මේවා වෙන කාට කියන්නද? මට උඹව විශ්වාසයි. මං දන්නවා උඹ මට යටි හිතින් හිනා වෙන්නෙ නැති බව. හිනා වුණත් මට ඒක ඉවසුවහැකි. මගේ මට්මමේ මිනිස්සුන්ගේ හිනාව තමයි මට ඉවසන්න බැරි. උන්ගෙ හිනාවෙ ඉරිසියාව, උපහාසය පිරිලා. ඇයි, මාත් උන් කරදරේ වැටුණාම අත්පුඩි ගහලා හිනාවෙනවනේ. අපිත් පින් කරන්නේ, දන් දෙන්නෙ අනිත් මිනිස්සුන්ට පහළට දාන්න හිතා ගෙන. අපි ආගම අදහන්නෙ මොකටද? අහංකාරකම පෙන්නන්න. කෙනෙකුගෙ වස්තුව නැති වුණොත්, කෙනෙකුගෙ තරුණ පුතෙක් මැරුණොත්, එහෙම නැතිනම් ගණිකාවකට අහුවෙලා මෝඩකම් කළොත්, තමන්ගෙම යටත්වැසියන්ගෙන් ගුටි කෑවොත්, ඒ මිනිහාගේ සහෝදරයෝම, තමන්ට සම්පතක් ලැබුණට වැඩිය විනෝද වෙනවා. ඒ වුණත් මුණ ගැහුණම පණ දෙන්න වුණත් ලෑස්තියි.


ගෝ දානය [2000]

පේ‍්‍රම් චාන්ද්
පරිවර්තනය - චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails