Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජීවන වියදම වැඩියි කියල දැන්
කෑ කෝ ගහනව මිනිස්සු හැම තැන
ලෝක වෙළඳ පොළ නිසා ය කිව්වට
එක බල්ලෙක් වත් නෑ පිළිගන්නේ

කිරි පිටි මිල වැඩි බවකුත් කියනව
කනිපින්දම් ගානව හැම එකටම
මව් කිරි පොවන්න බැරි ද ඕනෙ නම්
කිසිම වියදමක් නෑනේ යන්නේ

බිළිඳා ඇඩුවම නිකම්ම එරෙනව
කියනව නම් අපි ලාබෙට දෙන්නම්
සත පනහක් අපි අඩු කරනව මිල
බඩ පුරාම දැන් දෙත හැකි දරුවට

ජීවන වියදම බහිනව දැනේවි
හෝ හෝ ගාලා සත පනහකින් ම
තවත් එපා අපි හිත පපුවක් නැති
ආණ්ඩුවක් කියා හංවඩු ගහන්න

එන පාර දෙන්න ඡන්දය අපට ම
බලයට ආවම අසූතුනේ අපි
තව සත පනහක් ජීවන වියදම
බස්සන බව සහතික කර කියනව

-ධර්මිෂ්ඨ සමාජය [1982 මැයි]

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails