Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කවියෝය අපි පද දෙකතුනකිනුත්
බෝ සීරුවට ගරා ගත්
තනි වචනයෙන් වුව ලොකු කතා කිවහැකි
ලියන්නෝය අපි හිතේ පදමට
බර සාරේට කතා වියන
බස් වඩුවෝ මුර වඩුවෝ
බනිති, බුරති, කපති, කොටති,සැහැසි සිරිති
අපිදු බිය නොම වෝ
බසක කඩති, නමති, බිඳිති, බඳිති,සදති සැදැ සිතැති
කැති පොලු මුගුරු අමෝරා එති
එක් ටැම්ගෙහි කන්‍යාවියගේ
රෙද්ද බලති පැල්ලම සොයති - ඉඩ ලද විටක,
රත්න ශ්‍රී ටත් කටු සැමිටිය දිගු කරති

මස්ඉඹුලෙ තරුණයාගේ කවේ බස සුමට වුව
මස ද කාගෙන ඇනුනා රිදුනා වැදුනා නෙව මගේ පපුවටම
දේදුනු ආලෝක දහාරා මැද රඟන සුරඟන දූ සිඟිත්තගේ
"ලියමන" ඇයි පුතේ අපටම එව්වේ?

එක එක ජාතියේ පරණ කහට
ඇයි පුතේ මතකයට කැන්දුවේ?
නෑ කමක් නෑ එක අතකට
බීර බෝතලයකින් හරි කහට මකන්නට හිතන එකමත් මදැයි

කාසි කාරයින්ගේ කරුවකට
දෝනා කපනා දිගට හරහට
මඩින් තැම්බුණු දෙපා ඇති
සරත්ලා අපේ ගම් වල බෝ වෙති
ජිවිතය හා මරණය අතර ඇති
පරතරය ඉල්ලම් කූරක් තරම්වත් නැති

"ගස යට නතර වුණු අම්මා" ගේ
ආදරය නම් හොඳටෝම දැනුණා මට

මේ ගජ ඉලන්දාරි වයසේම
ප්‍රේමයේ "සොරකම" දකින හැටි හරි අගෙයි

පුත නවක නිළි වරුණ බැඳි බැඳි පද ඇල්ම පීරන
දුක්ගන්නේ මොකටද? දහතුනේ සංශෝධනය
දෙබසක් වගේ කට පාඩමෙන්
කියන්නට ඉගෙන ගත හැකි
ග්ලිසරින් හසඟනන් නොවෙද ඕනැ දියවන්නාවට?
අඳින්නට පෙර මන්ත්‍රිතුමී 'මෙගා'වට
හැකි නම් බේරා ගන්න පොතක් පතකට හුරු කර

2011.07.07
[මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ 'හිරුත් හිම පියල්ලක' දෙවන මුද්‍රණය එළි දැක්වුදා]

සුනේත්‍රා රාජකරුණානායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails