Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අපි හැමෝම පරාජිතයෝ. නමුත් සැබෑ පරාජිතයෝ ඉන්නේ වෝල් ස්ට්‍රීට් වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම ඒගොල්ලන්ගේ පණ බේරුණා. සමාජවාදීන් කියලා අපිව නම් කරනවා. නමුත් මෙහේ හැමවිටම තියෙන්නේ පොහොසතුන්ගේ සමාජවාදයයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපළ වලට ගරු කරන්නේ නැතිලු. ඒත් මෙතැන ඉන්න අපි හැමෝම එකතු වෙලා රෑ දවල් නැතිව සති ගණන් උත්සහා කලත් විනාශ කර ගන්න බැරි තරම් වන දුක් මහන්සියෙන් ඉපැයුව පෞද්ගලික දේපළ මහ කන්දරාවක් 2008 වර්ෂයේ මුළ්‍ය වෙළදපල කඩා වැටීමේදී විනාශ කරනු ලැබුවා. ඒ අය ඔබලාට කියනවා අපි හීනකාරයෝලු. හැබැයි ඇත්තටම පේනකාරයෝ වෙන්නේ ඒ අයමයි. මේ පවතින දේවල් සදාකාලිකව මේ විදිහටම ඉදිරියට යාවී කියලා හිතන් ඉන්න අයයි. අපි නිදි වැදිලා හීන දකින්නෝ නොවෙයි. මහ නපුරු හීනයක් බවට පෙරළෙන මේ හීන ලෝකයෙන් අවදිවන පිබීදීම තමයි අපි.

අපි මොනවත් විනාශ කරන්නේ නැහැ. මේ ක්‍රමය විසින් තමන්වම විනාශ කරගන්න ආකාරය ගැන සාක්කිකාරයෝ තමයි අපි. ඔබට මතක නම් කාටුන් චිත්‍රපට වල එන කාටත් පුරුදු දර්ශන පෙළ. හැල්මේ දුවගෙන එන පුසා මහ පාතලයක කඩඉමටත් ඇවිල්ලා. ඊටත් එහා වා තලයේ ගමන් කරනවා. තම දෙපා යටින් හිස් අවකාශය මිස වෙන කිසිවක් නොමැති බව නොදැක්කා වගේ. එත් එක්කම ඌ පහත බලනවා. තමන් ඉන්න තැන අවබෝධ වෙනවා. එතකොටම ඌ පහතට වැටෙනවා. අන්න ඒ දේම තමයි අපි මෙතැනදීත් කරන්නේ. අපි කියනවා අපේ වෝල් ස්ට්‍රීට් ඇත්තන්ට,

යළුවා පහත බලන්න....

2011 අප්‍රේල් මැද, චීන රජය කාලතරණය (time travel) නැත්නම් විකල්ප යථාර්තය (Alternate Reality) අළලා ගෙතුනු කතා පුවත් රැගත් චිත්‍රපටි, නවකතා, රූපවාහිනි වැඩසටහන් සියල්ල තහනම් කලා. මේක චීනය පිළිබඳ සුබ ලකුණක්. මේ ජනතාව විකල්පයන් පිළිබදව තවමත් සිහින දකිනවා. ඒනිසාම මේ සිහින දැකීම තහනම් කිරිමට සිදුවී තිබෙනවා. මෙහේදී, අපට තහනමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයිද කිව්වොත්, මේ පාලන ක්‍රමය විසින්, සිහින දැකිමට අප සතු හැකියාව පවා දැන් යටපත් කරලා. මේ කාළයේ අප නිතර බලන චික්‍රපට ගැන සිතන්න. ලෝක අවසානය ගැන පවා සිතින් මවා ගැනීම පහසුවෙලා තියෙනවා. ඔය උල්කාපාතයක් ඇවිත් ලෝකයේ සියලුම ජීවය විනාශ කර දමනවා වගේ. එත් ධනවාදයේ අවසානයක් ගැන උපකල්පනය කරන්න බැහැ.


එහෙනම්, මොකක්ද අපි මෙතැන ඉදගෙන කරන්නේ? ඒ ගැන කියන්න හොද හාස්‍ය ජනක කතාවක් තියෙනවා. මං කියන්නම් පැරණි කොමියුනිස්ට් කාලේ විහිළු කතාවක්. ඔන්න, නැගෙනහිර ජර්මනියේ ක්‍රියාධරයෙක්ව යවනවා යම් කාර්යයක් සදහා සියිබීරියාවට. ඔහු දන්නවා දැන් ඔහුගේ හැම ලියුමක්ම කඩලා කියවලා බලනවා කියලා. ඔහු කියනවා ඔහුගේ මිත්‍රයන්ට, අපි රහස් සටහන් ක්‍රමයක් තියා ගනිමු. මගෙන් ඔබට ලැබෙන ලියුමක් නිල් පාට තීන්තෙන් ලියලා තියෙනවා නම්, ඒ කියන්නේ මං ලියලා තියෙන දේ සියල්ල ඇත්තයි. ලියුම ලියලා තියෙන්නේ රතුපාට තීන්තෙන් නම් ඒ තොරතුරු අසත්‍යයි. ඔන්න, මාසෙකට පස්සේ, මිතුරන්ට ඔහුගේ පළමු ලිපිය ලැබෙනවා. නිල් පාටින් ලියලා තියෙන්නේ. ඒකෙ කියනවා, මම මෙහෙ හොඳ අපුරුවට ඉන්නවා. හැමතැනමත් එහෙමයි. කඩවල් වල ඇති පදමට හොඳ කෑම තියෙනවා. සිනමාහල් වල හොද බටහිර චිත්‍රපට බලන්න පුළුවන්. තට්ටු නිවාස හොද සැප පහසුකම් සිහත විශාල ඒවා. මෙහෙ මිලදී ගැනීමට බැරි එකම දේතමයි රතු තීන්ත! ඔන්න ඔහොම තමයි අපි ජිවත් වෙන්නෙත්. අපිට අවශ්‍ය හැම නිදහසක්ම අපට තියෙනවා. අපට අහේනියකට තියෙන්නේ රතු තීන්ත විතරයි. අපේ නිදහසක් නොමැතිකම කියා ගන්න භාෂාවක් නොමැතිකම, නිදහස පිළිබඳව කතා කරන්න අපට උගන්වලා තියෙන ආකාරය-ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය වගේ නිදහස් අනර්ථයක් බවට පත් කරනවා. අන්න ඒ ගැන තමයි අපේ ක්‍රියාකාරීත්වය. ඔබ අපට රතු තීන්ත සපයනවා.

මෙතැන අනතුරක් තියෙනවා. ඔබ, ඔබත් එක්ක ආදරයෙන් වෙලෙන්න හදන්න එපා. අපි මෙතැන විනෝදෙන් ඉන්නවා. නමුත් අමතක කරන්න එපා සැණකෙළිය කියන්නේ ලාභ විනෝදාස්වාදය. වඩා වැදගත් වෙන්නේ අපේ සාමන්‍ය ජිවිතයට ආපහු ගියාම, හෙට දවසේ සිදුවන දේ. එතැන මොනයම් හෝ වෙනසක් තියේවිද? අපේ තරුණ අවධියේ ඒ දවස්වල මොනතරම් සුන්දරද කියන්නා වගේ, ඔබ මේ දවස අනුස්මරණය කිරීම නොවෙයි මගේ උවමනාව මතක තියා ගන්න අපේ මුලික පණිවිඩය, 'විකල්පයක් ගැන හිතන්න අපට අවසර තියෙනවා' යම් හෙයකින් මේ නීතිය බිදෙනවා නම්, එසේ අප වෙසෙන ලෝකය වඩාත්ම හොද ලෝකයක් නම් නෙවේ. කොහොමටත්, අප ඉදිරියේ දිගු ගමන් මගකි තියෙනවා. එහිදි සත්‍ය වශයෙන්ම දුෂ්කර ප්‍රශ්ණ අපට අභිමුක වෙනවා. අපි දන්නවා අපිට ඔනේ නැති දේ. නමුත් අපිට ඔනේ මොනවද? ධනවාදයේ තැන පිරිවිය හැකි සමාජ සංවිධානය කුමක්ද? මොන වගේ නව නායකයන්ද අපට ඔනේ?

සමාජවාදය කියන්නේ 1990 දී බිදවැටුණු ක්‍රමයක් නම් අපි සමාජවාදියෝ නෙවෙයි. අමතක කරන්න එපා ඒ සමාජවාදියෝ තමයි අද දවසේ වඩාත්ම කාර්යශූර, වඩාත්ම දරුණු ධනවාදියෝ වෙලා ඉන්නේ. අද චීනය තුල, ඔබේ ඔය ඇමරිකානු ධනවාදයට වඩා සුගම ධනවාදයක් අපට අත්දකින් ලැබෙනවා. ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍ය නැති. එහි තේරුම, ඔබ ධනවාදය විවේචනය කරද්දී, එමගින් ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධය යන නිගමනයට අහුවෙන්න ඉඩ තියන්න එපා. ධනවාදයයි, ප්‍රජාතන්ත්‍රවාදයයි අතර විවාහය දැන් අහෝසියි. වෙන්වීම දැන් කල හැකියි.....!!


අද අපි කල හැකියි කියලා දකින්නේ මොනවද? අපි සරලව ජනමාධ්‍ය ඇසුරු කරලා බලමු. එක අතකින් බලපුවම දැන්, තාක්ෂණයේ හා ලිංගිකත්වයේ තත්වය බැලුවොත් ඕනෑම දෙයක් සිද්ධ කරන්න පුළුවන් වගෙයි. දැන් හඳට යන්න ඔබට පුළුවන් කමක් තියෙනවා. ජාන තාක්ෂණයේ පිහිටෙන් අමරණීය වෙන්නත් ඔබට පුළුවන්. සතුන් සමග ලිංගිකව හැසිරෙන්නත් ඔබට පුළුවන්. අමතරව තව බොහෝ දේ. නමුත් බලන්න සමාජීයව හා අර්ථික ක්ෂේත්‍රය දිහා. එහිදී, බොහෝ විට කිසිවක් කල නොහැකි බවයි කියවෙන්නේ. ඔබට අවශ්‍යයි, ධනවතුන් සදහා වන බදු පරිමාව ඉතා සුළු අගයකින් ඉහල දමන්න. එත් ඔවුන් කියනවා, 'එය කිසිසේත්ම කළ නොහැකියි. එහෙම වුනොත් අපේ තරගකාරීත්වය බිඳෙනවා.' ඔබට අවශ්‍යයි, සෞඛ්‍ය අංශ සදහා වඩා වැඩි මුදල් ප්‍රමාණයක් යොදවන්න. එතකොට ඔවුන් කියනවා, 'කොහොමටත්ම බැහැ. ඒ කියන්නේ මේක රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත් කිරිම.' ලෝකයේ මොකක්දෝ වැරැද්දක් තියෙනවා. නොමැරී ඉන්න පුළුවන් වුණත් සෞඛ්‍ය සේවා සඳහා පොඩි මුදලක් වැඩි කර ගන්න හැකියාවක් නැහැ. සමහර විට අපි අපේ ප්‍රමුඛතා හරිහැටි පෙළ ගස්සාගෙන නැහැ වගේ. අපට අවශ්‍ය නැහැ වඩා උසස් ජිවන තත්වයක්. අපට ඕනෑ වඩා හොද ජිවන තත්වයක්. අප සමාජවාදියෝ නම්, ඒ අපි ලෝකයේ පොදු සම්පත් රැකගැනීමට උනන්දු වන නිසා. සොබා දහමේ කාටත් පොදු අයිතිය සදහා. බුද්ධිමය දේපළ අයිතීන් මගින් පෞද්ගලිකකරණය කරන ලද පොදු සම්පත්. ජාන තාක්ෂණයට නතු කරනු ලබන පොදු දේපළ. මේ වෙනුවෙන් මේ සඳහාම පමණක් අරගල කල යුතුයි.

සමාජවාදය නිත්‍ය ලෙසම අසාර්ථක වුනා. පොදු සම්පත් පිළිබද ගැටලුව මෙන්න දැන් මතුවෙලා. ඔවුන් කියනවා ඔබට, අපි ඇමරිකානුවෝ නොවෙයි. මෙතැන ඉන්නකොට, නමුත්, තමන් ඇමරිකානුවෙක් බව කියා පාන ඔයා ආරක්ෂණවාදීන්ට, මුලධර්මවාදීන්ට මතක් කරලා දෙන්න යමක් තියෙනවා. ක්‍රිස්තියානිය කියන්නේ මොකක්ද? ඒ තමයි ශූද්ධාත්මයාණෝ. ශුද්ධාත්මයාණන් කියන්නේ එකිනෙකා වෙත ඇති ප්‍රේමයේ බැදීමෙන්, සමානාත්මතාවයෙන් යුතුව හැසිරෙන හා එසේ කිරීම සදහා තම නිදහස හා වගකීම ඇත්තා වු විශ්වාසකයන්ගේ සංඝයක්. මේ අර්ථයෙන්, ශුද්ධාත්මයණන් මේ දැන් අප අතර, එහෙම නම්, අතන වෝල් ස්ට්‍රීට් එකේ ඉන්න බොරු දෙවිවරුන්ට වන්දනාමාන කරන මිථ්‍යා දෘෂ්ඨිකයන් පිරිසක්. ඒ නිසා, දැන් අපට අවශ්‍යව ඇත්තේ ඉවසීමයි. මට බිය ගෙන දෙන එකම කාරණය, අපි කිසියම් දවසක මේ වැ‍ඩේ දාලා ගෙදර යයි. ගිහිං ආපසු වසරකට සැරයක් මුණ ගැහිලා බියර් බොමින්, අතීතාවර්ජනය කරමින් එදා දවස්වල අපි මෙතැන කොච්චර හොඳ කාළයක් ගත කළාද? කියමින් මේ අවස්ථාව ස්මරණය කරන්න යෙදෙයි ද කියන එක. ඒ කාරණාව එසේ සිද්ධ නොවන බවට ඔබට පොරොන්දු කර ගන්න. අපි දන්නවා ජනතාව බොහෝ විට ආශා කරන දේ ලබා ගන්න ඇත්තටම උවමනා නැහැ. ඔබ ප්‍රර්ථනා කරන දේ හැබෑවට උවමනා කරන්න බියවෙන් එපා.

ඔබට බොහොම ස්තුතියි...!!

ස්ලෙවෝ ජිජැක්
පරිවර්තනය - ලක්ප්‍රිය නානායක්කාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails