Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අහල තිබුණා ඔබ
කොහොමද දැනෙන්නෙ කියලා
ඔබ අලූතින් ම ලිව්ව කවිය

අහන්නෙපා අයෙ
කොහොමද දැනුනෙ ඒ කවිය මට
යාලූ කම් හින්දම
වහා වැටහෙන හැඟීම්වලට පැටලෙන කවිය...

මගෙම හැඟීම්වලින් හෙම්බත් වෙන මගේ හිත
කවිය උඩ පොරකන විදිය ඒත්තු ගන්නන්න
ගොඩක් කල් යාවි නේද මට

කැම්පස් එකේ හුඟක් අය ගෙදර ගිය දවස්වල
කැන්ටිමේ මේසවල දුක සැප අහන අපි
හුවමාරු කරගත්ත නේද හුඟක් දේවල්
අපිට දැනෙන හැටි

ඒ වගේ දවසක් ආයෙ ආවොත්
එහෙමත් නැත්තම්
අද යකඩ වගේ දැනෙන දේවල්වල බර
කාලයෙන් හේදිලා ගිය දවසක
පුළුං රැල්ලක් වගේ අතින් අත යව යව
උඩ දමල කටින් පිඹ පිඹ
පා කරමු කවිය ගැන මතකය

එහෙම දවසක් ආවාම
කියන්නට ඇහැක් වෙයි
මේ කවිය මට දැනෙන හැටි

බී.ජී.එම්. ජනප‍්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails