Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පසුබිම

තිස්සෑ ගානක් තිස්සෙම
සඳ කාන්ති ග‍ඟේ කිමිදුන
පසුබිම් දෙබස් කථන
ගීත මුද්‍රා නාටකේ හමු උන
පුබ්බෝරාi පෙමක් තිබුණා
තිස්සෑ දෙකෙන් මතු
ඉගිල්ලෙන තරමට හපන් තටු වැඩුණ

ඇල්බීසියා අතු සැහැල හිටවලා
ලණු ඇදල වට කරපු රඟ බිමේ
මුද්‍රා පානකොට
පරිත්‍යාගයෙii අන්තිම වේදිකා දර්ශනේ
පැට්රොල්මැච් එකෙත් හුළං අහවරව
එළිය හිඳුණා
ඇඟිලි පැටලී පපුව ගිඩි ගඩි ගාන තප්පරේ

අන්තිම වරට ගම්මානයේ
පරිත්‍යාගයෙ නැටුව ගමේ කුමාරයා
සරසවි හොයාගෙන ඉගිලුනා
ඉමෙන් ගම්මානයේ...

බාගෙට ආපු තටුවල ඇලිල හුඹස් පස්
පණ හිඳිල පුබ්බෝර ප්‍රේමයේ
වැටිල තිබුණා
කැරකොප්පුව ළඟ ගල් පොත්පොත්තෙ
අල්ලපු ගම් ඉහත්තෑවේ...

පෙරබිම

බණපොලේ පුරා හඳ තිතත්
තන මත්තෙ ගිලී ගිය
අටවකත් දියවෙන
මහනුවර සැනකෙලි අහස යට මහ රෑක
ආල කතන්දර ගස් නගින වෙලාවට
විදුලිය සින්ද සරසවියෙ කාමරේ බිත්ති මත
තඩිම තඩි කළු පාට හේමලයො දුවනවා පේනවා

කටු අයාලේ දුවන ඔරලෝසුවකි එ දකින හදවත..
නිදි පොත්ත ඉරාගෙන
මතක මිනිත්තුව වදිනවා හීනෙක
සිරීරිං ගාල යනව මුළු ඇඟ
මතක මං තලව්වක කෙහෙල් ලෙලි පෑගිලා
ලිස්සලා වැටෙනවා ඇදගෙන..

එතීගෙන මනෝ මීදුමාරෙක
ගනින්ට බැරි තප්පරෙත් දශමෙන් දශමෙ ගැන ගැන
තත්පර වෙනව දැන් තිස්සෑ ගානක් තිස්සෙම
ඈතම ඈතවත් ඇහෙන්නෙම නැති
පරිත්‍යාගේ රඟපාපු
වෙඩි තියල තත් සිඳපු හද වෙණේ
ස්වර බි‍‍ඳෙන මනෝ මීදුමාරයෙ එතීගෙන

ඤුරු ඤුරු ගානවා තිස්සෙම හිත් කොන
දාහෙන් සම්පතක් වගෙ දැනෙන
බණ පොල දාක රෑ සල් පිල යන අතර
සඳ කාන්තිත් එක්කලා
වැව් ඉවුරෙ කුඹුක් ගහ යට
අල්ලපු අඩව්වක් මතකෙට උනනකොට

i. නුදුරේම ඉගිල්ලෙන්නට නියමිත වයසේ කුරුල්ලන් හඳුන්වන ගැමි වහරක්.
ii. පසුබිම් දෙබස් කථන ගීත මුද්‍රා (කට වහරේ අපි ජහුටා නමින් හදුන්වන) නාට්‍ය සංදර්ශන වලදී බොහෝ විට පෙන්වනු ලබන නාට්‍ය දර්ශනයක්.


සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails