
ගෙදරදි දවසටම
වචන දහයක්
නොදෙඩුවට
වෙසක් එකට
හන්දියේ
පොල්කොට
වේදිකාවේ
රජෙක් වුන අපූරුව….
කිය කියා
දෙබස් එක දිගට
තිය තියා
රජ අඩි බරට
ගන්න විට
සුරතට
පුවක් පටි
කඩුව
අප්පොඩි ගැහුනෙ
ඉබේටම සෙනගට
හැන්දෑවේ
දලු මඩුවේ
බුලත් විට
රා අතර
නුඹ මුවෙන්
විසිවුණු
කතන්දර ඇහිඳගෙන
තප්පර ගණනට
පිටු බාග කාලට
විකුනනවා මම
දිලිසෙන සම්මාන
ලැබෙන තරමට
ඒජන්සියට
වැඩිවෙනවා
පඩිය මට
සාරි ඉටි රෙදි
පොල්කොට
රජ මැදුරේ
ඔටුනු පළදින්න
කුමරෙක් නැති කමට
නුඹ තවම
රඟනව
මහලු බඹදත්
චරිතේ
නොමිලේම
බෙදනව
ගමටම
නුඹේ හිත
වදින අප්පොඩිය
අඩුවුනත්
ටික ටික
කෞශල්‍ය පතිරණ
KAVI BOONDIYA | නාට්ටිකාර තාත්තයි- ඇඩ්වර්ටයිසිං පුතයි - [කෞශල්‍ය පතිරණ]
Posted by
BoondiOnLine
12.13.2011



