
14-ප්රකාශනයට අවකාශයක්, සිනමා සඟරාව යුරෝපා සිනමා ඇකඩමිය සමග එක්ව සංවිධානය කරන Agenda 14 කෙටි චිත්‍රපට උළෙල, 2001 දෙසැම්බර් 10-12 දක්වා කොළඹ 07, ග්‍රෙගරි පාරේ අංක 39 දරණ ස්ථානයේ පිහිටි ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. පසුගිය දෙවසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කෙටි චිත්‍රපට මෙහිදී තරගකාරී අංශය තුළ ප්‍රදර්ශනය කෙරෙනු ඇත. දෙසැම්බර් 12 වන දින රාත්‍රීයේ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වෙන සම්මාන රාත්‍රීයේදී හොඳම කෙටි චිත්‍රපටය, ජූරි සම්මානය, මානව හිමිකම් සම්මානය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී කෙටි චිත්‍රපටය වෙනුවෙන් සම්මාන පිදෙනු ඇත.
දෙසැම්බර් 10,11 දෙදින තුළ පෙ.ව 9.30 සිට රාත්‍රී 9.30 දක්වා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙම කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙයි. එහිදී යුරෝපා සිනමා ඇකඩමියේ 23 වන යුරෝපා සිනමා සම්මාන සඳහා නිර්දේශිත කෙටි චිත්‍රපට 15 ක්ද ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. ඊට සමගාමීව කාන්ස් චිත්‍රපට උළෙලේ සම්මාන දිනූ චිත්‍රපට මෙන්ම ජර්මන් සිනමා පාසල් තුළ නිර්මාණය වූ සම්මාන ලාභී සජීවිකෘත කෙටි චිත්රපටද මෙම උළෙලේදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.



